බැස ගිය සදම යළි හවසට පායාවී
නිසසල සසල හදවත් ලග නවතීවී
ගහ කොල ගලන සද වතුරින් නාවාවී
හිතුනම වලා යට මොහොතක් සැගවේවී
මා වවුලකුට ම0 සලකුණු තියාගෙන
කළුවර එබෙයි සද දිනිතිය සොයාගෙන
දහවල දැවුනු තැන් සිහිලෙන් තෙමාගෙන
සද මත හිනා වෙයි ඒ මුව පුරෝගෙන
පිරිමැද මිහිරි සිතිවිලි සද පතිත රැයේ
ඉගිලෙන පැතුම් කුමකට හිර කරමි ලයේ
පිපි කළුවරට තරු එළියක් එළිය තියේ
ලස්සන කවක් සගවමි සද ගිලුනු දියේ
රැයක නිදහසේ සිසිලස විඳ ගන්න
ReplyDeleteහදක ආදරේ සිත් ලෙස සමරන්න
මතක සිහින නිති නෙතු ළඟ වෑහෙන්න
සඳක සුවය සමගින් රෑ තනිවෙන්න........
ලස්සන කවි පෙලක් දුශාන්.
ජයවේවා!!!
ලස්සනයි...
ReplyDelete