Saturday, January 9, 2016

සසර සරනා තුරු ම...



නෙතු හඬන හැමවිට ම
පිසදමා නෙතු කඳුළ
සිනහවෙන මොහොතකට
මඟ කියූ සෙනෙහෙරුව

වසන්තය ගෙන එනා
මගෙ දිවියෙ ගී තනුව
හද ගැහෙන රාවයට
නුඹයි පණ පෙව් මිහිර

දිය සිඳී ගිලන්වන
කුරිරු ගිම්හාන සමය
නොසිඳෙනා සෙනෙහෙ දිය
උල්පතය මවුනි නුඹ

මට නුහුරු දිවි මඟක
පාර කියූ සඳ කිරණ
නුඹයි මා මවු රැජන
සසර සරනා තුරු ම..