Tuesday, April 4, 2017

අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ










තලන්න ඇහැකිනම් කෙනෙක් තලන්න මයි බලා ඉන්නෙ
පැටව් ටිකට බණ කියනා කකුළු මවක් වගේ යන්නෙ
තමන් හරිය කියා මිසක් අන් මතයක් නෑනේ ගන්නෙ
ළිඳේ ඉන්න ගෙම්බන් නැත ලෝකය ගැන කිසිත් දන්නෙ

කසාය බිව් ගොළුවන් මෙනි හොඳ වැඩකදි නැතිය කතා
වැරැද්දකදි උඩ පැන පැන නැති වැරදිත් කියති ගොතා
ඇතිදා ඇති - නැතිදා නැති - නැදෑයින් හැමට ඇතා
කට තද කර කන දිග හැර ජීවත් විය යුතුය හිතා

හිතේ නැතත් කම්මැළිකම ගෙයකට අපලයි වේයෝ
පොතේ පතේ අගේ නොදැන විනය කටින්නේ මීයෝ
ගතේ සවිය බල ඇති නම් ළඟම රැඳේ යයි කියෝ
අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ