Sunday, November 8, 2015

සුබ නිමිති



බට්ටිච්චනි දැන් දැන් ඉතින්
අලුත් රස කවි පද උගනිවු
ගයන්නට වයන්නට ඔහු සමග
පුන්චි පැටියෙක් ඒවි තොප සොයා

දගකාර හිතුවක්කාර නොව තවත්
මද හසින් සෙනෙහස උතුරා වාන් දමන
පුන්චි පැටියෙක් ලොවක් දකින්නට බලන් ඉන්න
ගැබ්බර සදවතිය මම වෙමි ලොවක් සනසන

හීන අහුරක් දෑත ගුලිකර
හිත් ඉමේ පියමනින්නේ නුඹ
නුඹට හිමි ඇති මටද හිමි ඇති
ලොවක ලස්සන දකින්නෙමි මම

දෙනෙත තැවරුණ විඩා සිඳිනට
පුංචි සුසුමක් මගෙන් නුඹහට
ළඟට වී අතැඟිලි සිඹින්නට
ඉඩක් නැති දින සුසුම ගනු මැන

ලොව එළිය දෙන අරුණ
රන් කිරණ දැක නිතින
සුබ නිමිති සොය සොයා
නුඹ ළඟට සිත ඇදෙන