Thursday, May 18, 2017

දේශයේ මුර දේවතාවො














හිතට හයියක් රැගෙන එදවස
හිසට බර වැඩි කරන් එදවස
ගතට හරි වෙහෙසක්ද එදවස
නුඹ රැක්කෙ ලක් මෑණි එදවස

දෙමාපිය සිය සොයුරු නෑ සැම
සිය බිරිද දරු පැටව් ටික සැම
පෙම්වතිය යහළුවන් නැති කොට
හිතට තනියක් දැනුනෙ සැම විට


රැක්ක කොට නුඹ දුරක සිට අප
ලෙන්ගතුයි සිත සොයුරු නුඹ හට
තුණුරුවන්ගේ පිහිට හැම හට
පතන්නේ හද බැති සිතින් අප හැම

තිස් වසක් ගත වුනා යුද්ධය
නුඹ දිරිය ගෙන රැක්ක මවු බිම
සැමට සාමය අරන් දුන ඔබ
විරුවො වේවා සදා සමරණ