Tuesday, February 28, 2017

හැම රාත්‍රියක කවියක් වී, දුක කියනා හිතේ...







හැම රාත්‍රියක කවියක් වී,
දුක කියනා හිතේ...
හැම ආත්මයක පැතුමක් වී 
නුඹ උන්නා වගේ... 
හිත පුරාවටම අවතැනවී
හඩන හැඩුම මගේ... 
ලය පුරා දුවන හුස්මක්වී 
හිත නවතිනු දැනේ... 
එක ආත්මයක පතාන ආ 
දුක් සංකා අපේ....
හිත හැදු තරම් ලගම ඉදන්,
ආදරයෙන් මගේ ....
නිසොල්මනේ මා ගොතනා, 
කවක් වෙලා රැයේ .... 
හීන හතක් මැද හැමදා 
නුඹ උන්නා මගේ.... 
සංසාරේ පතාන ආ 
මේ ආදරේ හිතේ.... 
නිම්මා නැති ආල කතා 
කොදුරන මැදියමේ.... 
අමාවකේ තරු අහසට,
ශාප නොකර අනේ.... 
පායාපන් මගේ සදයි, 
නුඹ තරු මැද රැයේ.... 
හීන තියා හිත දොරකඩ, 
මං ඉන්නවා වගේ.... 
නුඹ නේනා හැම හීනෙක , 
තනිවෙනු බැහැ අනේ....
හිත අස්සේ අහුමුලුවල 
පෙම හංගා තියේ....
යලි නාවත් එ් හැම තැන , 
නුඹේ සුවද දැනේ.....