Saturday, September 16, 2017

ආදරයට උණන කදුළු













ආදරයේ කදුළු
නොදැක ඉන්න බැරි වූනාම
ඔය ඇස් වල කදුළු උණපු
ආදරයේ හෝඩිය මට

හෙමිහිට නුබ කියා දුන්නු
දුරට ගිහින් හෙමිහිට නුඹ
යළි ආපසු හැරී බලපු
එදා හිටපු මම මයි මේ
යළි කිසිදින නුඹ නොබලපු .....

මග අරුණත් අපමණ දේ

නැහැ කිසිදින මා දුක උනෙ
නුඹ මග හැරෙනා බව නම්
නෑ මා නම් දැනන් උන්නෙ
හිස් පුරවපු නුබේ අකුරු
මගෙ පොත්වල තව තියෙන්නෙ
අවසානෙදි මේ හැම දේ
දෛවයෙ හැටි මට හිතෙන්නෙ .....






Wednesday, September 13, 2017

සද මල්වර වෙලා ( ලිව්වෙ පෝයට ඒකෙත් හැටි අමතක උනා නොවෑඅ පෝස්ට් කොරන්න )









සඳ රජිඳා
කළුවරට
එළියක් වෙලා
ගගනතට
හසරැල් වෙලා
කොඳ මලට
සෙවනැලි වෙලා
පුරපසට
සඳ පේවෙලා...
තනි නොතනි ළග
දොඩමලු වෙලා
රෑ වවුලො දැන්
පෙම්වත් වෙලා
කණා මැදිරියො
මුල්ලට වෙලා
සඳ අහසෙ අද
රජිදෙක් වෙලා...
ගහකොළද මුණු
මුණුවෙ පැද්දිලා
තුරු අගක මල් කැකුළු
විකසිත වෙලා
සිලි සිලියෙ බෝ
මැඩක වැතිරිලා
අර බලන් සේපාලිකා
පුදසුනෙ තෙරපිලා....
සිල් සුවඳ ළග සෙත්
පිරිත මුසුවෙලා
මැටි පහන් එළි පුර
හඳට ලංවෙලා
හද මැදින් සොම්නසක්
යයි ඉතිරිලා
දැන් ඉතින් 

බිනර සඳ මල්වර වෙලා.....