සල දෑස් පියන් යට
මුදු හීන දකින පුත
මැද සුව නින්දක ගැඹුරු
නුඹේ සොඳුරු ලොවක රුව
මට දුකම ගෙනෙන බව
නොකියා සඟවමි කඳුළු
හෙට දින දිවි මංපෙත
නුඹ නොබියව යන සඳ
නුඹේ මුහුණ බලමි මහරු
තව දිනනු දෙයක් නැත
මගේ මෙහෙය නිමයි පුත
සිත නිවෙන තැනත් නුදුරු
ලස්සනයි මචන්...
ReplyDeleteඔන්න මාත් ආවා)
ගොඩක් ස්තුතියි මචෝ දිරියට
ReplyDeleteඑහෙනම් යමු දිගටම
............................
ලස්සනයි සයුනි..................
ReplyDeleteස්තුතියි කුරුටු නිතරම
ReplyDeleteදිරිය දෙන මට ඔබ