Wednesday, December 30, 2015

නුඹට දෙන තිළිණයයි



දහස් කලබල මැද
සොරාගත් එක මොහොතක
මගේ සිත ළඟ දැවටෙන
සිතැඟි අහුරත් නුඹමය

හද රිදෙන පිළිවෙත
සැනෙන් යළි සිප සනසන
උගෙන හිනැහී රිදවන
අද ලැබෙන හස බිඳකට


සොඳුරු රිදවුම නුඹමය
හෙටක වග සිත දුරු කළ
පෙම් බඳින්නට හුරු කළ
හඬන හසරැළි නුඹමය

සැනසුමක් හා කැළඹුමක් දී
සිහිල් පවනක් ලෙසින් සැඟවී
සියුම් තනු රැසකටම පණ දී
හදවතේ තත් සෙමෙන් වයමි


 නුඹම එන තුරු බලා හිඳිමි
 ඇසෙන නෑසෙන නදින් හඬමි
 නුඹම වෙනුවෙන් සිතේ ලියමි
 අදිසි සුලඟක සෙනෙහසේ ගී




Tuesday, December 29, 2015

සිතුම් රැස







අකීකරු කෙස් රොදෙහි
ඇඟිලි තුඩු පටලන්න…
ගැඹුරටම කිමිදෙන්න
සිනාසෙන නෙතු යුගේ

දඟකාර මුව මඬලේ 
හාදුවක් සතපන්න
පපුතුරෙහි හිස හොවා
හදවතට කන් දෙන්න

අප අතර ඇති වෙනස
කල්පයක් සේ දුරයි

හිමි නොවන උණුසුමට
මුළු සිතම ලොල් බඳී

හැඟීමෙන් පිරුණු මේ
අකීකරු සිතුම් රැස
දහස් ගව් දුරක සිට
නුඹට දෙන තිළිණයයි






Sunday, December 27, 2015

මුදු හීන දකින




සල දෑස් පියන් යට
මුදු හීන දකින පුත
මැද සුව නින්දක ගැඹුරු 
නුඹේ සොඳුරු ලොවක රුව

මට දුකම ගෙනෙන බව 
නොකියා සඟවමි කඳුළු
හෙට දින දිවි මංපෙත 
නුඹ නොබියව යන සඳ 


නුඹේ මුහුණ බලමි මහරු 
තව දිනනු දෙයක් නැත 
මගේ මෙහෙය නිමයි පුත
සිත නිවෙන තැනත් නුදුරු



Friday, December 25, 2015

සුනාමි රළ පහර





ගැඹුරු සත්සර පතුල බිද
ඇබරි ඇබරී වියරු ලර පෙළ
මුහුද මහ මැද දෙදරමින්
බුර බුරා නැගි රුදුරු රළ පෙළ

වෙරළ සම්පත ගිල ගනී
මිනිස් ජීවිත දස දහස් ගනනින්
නිවෙස් සුනු විසුනු කරමින්
සියලු හිමිකම් නසා දමමින්

දුවන මහ සෙනග අතරේ 
මහලු ගැබ් බර, අබල ,දුබලද
හැති දමා පරදුවට තබමින්
දිව්වෙ තම දිවි රැකුමටා

නිමාවුනි බිදුනු රල පෙම
මහ පොලොව දේනත් කරා
ශේශවූයේ කැබලි පමනකි
ගලෙන් ඉදිවුන මාලිගාවල




Monday, December 21, 2015

සිංහල අපේ ජාතිය විකුනන් කනවා



දකුනේ පිපිදුනත් වැස්සට මල් ජාතී
උතුරේ නොමැත මල් පිපුනේ නියගෙට ජාතී
සිරියාවතී පෙම් බැදි මුත් මොහොමඩ්ට සකී
නැන්දම්මා අකමැති විය දෙන්ට දෝණී


විරසක වෙලා දෙපැත්තෙ උන් මරා ගනී
දේශපාලුවෝ බිය ගුල්න්ම වෙතී
ආගම් වාදෙ ඇදගෙන ජවුසන් නටතී
මිනිසුන් තිරිසනුන් සේ අද දිවි ගෙවතී


නඩරාජා එන තුරු මග බලා ඉමි
ගානක් නෑ නඩරාජා යකා උනි
අද මේ විරසකය ඇති වුයෙ ඒ නිසාවෙනි
කාට කියන්නද කියලා මට නොතේරෙති


සිංහල රටේ අයිතිය සිංහලයන්ටයි
ජීවත් වීමේ අයිතිය හැම සතුන්ටයි
ජාතිවාද බෑ මල්ලී නිදියගනින්
සිංහල ලේ රත් උනේ ඔබ නිසාමයි


යන යන ඇම අතක මුස්ලිම් ඇත පිරිලා
සිංහල අපේ ජාතිය විකුනන් කනවා
ඇයි මේ ලෙසාන් කුඩු කේඩුව නැති සීමා
සිංහල ලේ නිසයි තොපි ඉන්නේ යසටා


දීගෙ කන්න තව ඕනෑනම් තොපට
සිංහල රටේ දිවි ඕනෑනම් තොපට
වරෙව් යුධ වැදෙව් අපි එක්කන් හෙටක
පැරදුනොතින් පලයව් විලි වසාගෙන

......
පද:-

https://www.facebook.com/profile.php?id=100010372604190&fref=nf





Sunday, December 20, 2015

සඳ පතිත රැය




බැසගිය සඳම යළි හවසට පායාවී

නිසසල සසල හදවත් ළඟ නවතීවී
ගහකොළ ගලන සඳ වතුරින් නහවාවී
හිතුනම වලා යට මොහොතක් සැඟවෙවී


මා වවුලකුට මං සලකුණු තියාගන

කළුවර එබෙයි සඳ දිනිතිය සොයාගෙන
දහවල දැවුන තැන් සිහිලෙන් තෙමාගන
සඳමත සිනාවෙයි ඒ මුව පුරෝගන


පිරිමැද මිහිරි සිතිවිලි සඳ පතිත රැයේ

ඉගිලෙන පැතුම් කුමකට හිර කරම් ළයේ
පිපි කළුවරට තරු එළියත් එළිය තියේ
ලස්සන කවක් සඟවමි සඳ ගිලුණ දියේ

Tuesday, December 15, 2015

රාධා නංගී


රන් දහඩිය සුවඳ පෙරා
තේ දළු සුවඳින් කලතා
ලක් මෑණිට ඉසුරු සදන
රාධා නංගී...


පාට පාට ගිගිරි වළලු
කඩිසර දෑතේ තාලෙට
නංවන කිංකිණි රාවය
දේසේ අභිමන කියයි


අඩවන් වූ නීල නුවන්
මටත් හොරෙන් ම දෙස බලන්
පානා ඉඟි බිඟි රහසේ
දැක හිනැහෙයි බිඟු අහසේ


සීතල පිනි පොද වැස්සට
තෙමුණට නළලේ තිලකය
බුලත් විටේ රතු පැහැයෙන්
පොපියයි රහසක් දෙතොල්


රවිගේ රුදු බැල්ම කපා
ලියලන මකුලත අතු අග
දම් පාටින් මල් පිපිලා
ඉගිළෙනු සුදු පරෙයියනේ..

.

Monday, December 14, 2015

හීනයක් වී එන්න...




රැයේ තුන්යම පුරා
නිදි නොමැති නෙතු අරා 
සඳ කිනිති සල සලා 
සඳ එළිය නුඹ වෙලා ...

ඉතින් මට නිදියන්න
සඳ පහන හකුලන්න
නුඹේ වුවන දැකගන්න 
හීනයක් වී එන්න...

සසල හැම ඇසිපියක් ගානේ
බිඳෙන හැම සුසුම් රැළි ගානේ
ඔබ දැවටී මගේ සිතුම් මානේ
සිනා ඇතිරුවා මිරිඟු හීනේ




Saturday, December 12, 2015

දෑවැද්ද Vs විවාහය





උඹ කැන්දන් යනදාට 


ලොරි දෙක තුනක් පිරෙන්න

ඇදන් අල්මාරි මේස පුටු

මහන මැෂින් ඕනේ නෑ 

එත්...

අපි දෙන්නගේ

ගේ පුරවන්න ටොන් ගානට

ආදරෙයි සිරියාවයි

අරන් එන්න

පොඩ්ඩෝ තුන හතරක් එක්ක

ජීවිත කාලේ

පුරාවට

සන්තෝසෙන්

ඉන්න

ඒ ටික හොදටෝම ඇති.






Wednesday, December 9, 2015

ඇය එයිද තනි රකින්න මගෙ ගෙපැලේ ( නිසදැස් )



දවස තිස්සේ හැලුණු 
මහා වැස්සෙන් පසුව
අන්තිමම වැහි බිඳත් 
පැද්දෙමිනි,මලක් අග

"හෙට අරුණ හිරු කිරණ 
හාදුවක සැඟවෙමිද..? 
ගලන බොර දිය පහර 
කිමිද පිහිනා යමිද..?"

සැනෙන් සසැලෙන  දෙනෙත් රවටන 
වළා සිතියම ඇඳෙයි නුබ තල 
බලා සිටියොත් කඳුළු එන තුරු 
කියාවිද මට නුඹ හිඳින තැන?

රහස් නොකියන සීත පොරවන
සුළං රැළි මේ හමයි හැම අත
සඟවා ගතහොත්  දෑත එක්කර 
කියාවිද නුඹ යළිත් එන දින?

ආදරෙයි නොකියන
හිතේ මැද උණුහුම් වෙන
පෙර පුරුදු සුවඳින
දිවිය පුරවා සැඟවෙන

මතකය මිස සැමරුම් නැති
පැතුමන් මිස සලකුණු නැති
නෙත පතුලත දිලිසුම මිස

නුඹ ගත් ඉඩ ලොව දන්නැති

Sunday, December 6, 2015

හීන නිම්නය




මහ මෙරක් තරමට
හීන හිර තුරුළු කරන්
පහන් වන හැම රැයක
ණුඹයි ඒ
මගේ සිහිනය
මා පැතූ
ඔබ සෙවූ
කදුළු අතරේ
ගෙවූනු දෙසිතේ
බොද උනාදෝ
සිහින නිමනයෙ

අල්ල නම් දෙවියගේ ගල් ගසා මැරීම

ගල් ගසා මරන්නට 
නීති පොතේ මිනිසත්කම
බාල්දු කෙරූ දෙවියනි අල්ලාහ්
ඔබ සත්තකින්ම මා හට නම් 
තිරිසනෙකු තරම්වත් නොවටිමි


නිස්සද්ද හිත අස්සෙ 
ගොඩක් අදහස් තෙරපෙනව
සැනසුමක් නෑතොපට වෛරයෙන් තෙරපනව
බල්ලෙකුවත් අකමැති වුන මරණය 
අල්ලහ් කියන දෙවියෙකුත්
කැමති උන තරම


දෑතින් යදින්නම් ඉල්ලමි එකපාරක්
හෙලන්නට එපා ජීවිත කිසිදාකත්
මියෙන්නට හරින ජීවිත සිය ගානක්
සාප කරයි නුඹ හට අනෙක වරක්


ආගම් වාද කියලා ජීවිත බිලි දෙන්න
ආගම් මොටද මේ තරමට බලි අරින
ඇත දොෂයක් අල්ලාහ් හට නොවැරදිම
නැතිනම් හැකිද ජීවිතයක් බිලි දෙන්න


ආගම් අවැසි නැත දන හට දඩුවම් ලන්න
කියා දෙන්න යහමග සත් හඩින් සැම
ලෝකෝත්තර බවින් පිරිපුන් දැහැමි කම
එක වරක් කියා දීපන් ලෝ දනට


මාව නෙවෙයි මැරුවේ ගල් ගසලා
සාප කෙරුවෙ මිනිසත් කමටයි තොපලා
රැදුනු කරුණාව මිනිසාගෙ දෙපිටින් යන්නා
අල්ලාහ් මලේ මා නොව මිනිසත් කම සත්තා
............./////............
සුන්දර සිතිජ ඉම
Gurugoda Siriwimala Thero

මෙම නිසදැස් පෙළ ලබා ගත්තෙ අපෙ හාමුදුරුවන්ගේ මුහුණු පොතෙන් අවසර සහිතවය
මන්ද මුහුණු පොතේ ජනප්‍රිය පෝස්ට් එකක් නිසා මගේ බ්ලොග් එකට ලියන්න අවසර ලබා ගත්ත
https://www.facebook.com/photo.php?fbid=153077328381353&set=a.118245975197822.1073741827.100010372604190&type=3

Friday, December 4, 2015

කඳුළු පින්කම



පුන් පෝ දින නුබ
රජ වෙයි ගනඳුර
පාළු දැනී සඳ
වෙහෙරේ ගසයි හිස

නාමල් පිපුනිද
සුවඳක් කොහි වෙද
රොන් සුණු මුවරද
සියතින් පෙති සිඳ

බෝ මැඬ පහනෙන්
විහිදෙයි අඳුරම
කඳුළු දියෙන් එය
දැල්වූ නිසාවද?

බුදු සමිඳුන් ළඟ
පා පියුමන් වැඳ
ගිනිගත් සිතකට
දියක් යදිමි මම

Wednesday, December 2, 2015

සුන් වූ පැතුම්





සුන් වූ පැතුම් ළඟ
පැරදුනු විට ... ජීවිතය
හිරු මඬල ද ගිනිගෙන
අහක බැලුවා මතකයි
එහෙත්... නුඹ

ගිනිගත් ලොවක් මැද
කොහෙන්දෝ පාර අහගෙන
හීන් පවනැල්ලක් වී
මගේ ලඟ දැවටුනා
නුඹේ සිනා සිරිපොද ළඟ 
මතකයට විසිකළ පැතුමන්
ලදල්ලක් සේ පීදී
සිත අග යළිත් ඉපදුනා...

ඉතින් හෙට දවසේත්
යළිත් අතුපතර විහිදන්න
හිරු මඬල හා හිනැහෙන්න
නුඹෙන් දිරි ලද්දෙමි