Wednesday, February 1, 2017

ආදරය




අරලියා මල් මතට
සද ඇබිත්දක් වැටෙනකොට
කිතිකැවෙනවා වගේමයි
නුඹ කියා දුන් ආදරය

ගංදෑල ඉවුර ලග
ගල්තලාවේ ඉදන්
නුඹේ සිනිදු අතැගිලි පොඩි
අල්ලන්න හිත කියයි

මලක මෙලෙකකට වැඩිය
නුඹේ සිනිදු කම්මුලට
හාදුවක් දෙන්න
හිත කියයි

රෝස මලකට වැඩිය
නුඹෙ සිනිදු කම්මුලට
මගෙ දෙතොල් රළු වැඩිද
මට සැකයි