Sunday, December 20, 2015

සඳ පතිත රැය




බැසගිය සඳම යළි හවසට පායාවී

නිසසල සසල හදවත් ළඟ නවතීවී
ගහකොළ ගලන සඳ වතුරින් නහවාවී
හිතුනම වලා යට මොහොතක් සැඟවෙවී


මා වවුලකුට මං සලකුණු තියාගන

කළුවර එබෙයි සඳ දිනිතිය සොයාගෙන
දහවල දැවුන තැන් සිහිලෙන් තෙමාගන
සඳමත සිනාවෙයි ඒ මුව පුරෝගන


පිරිමැද මිහිරි සිතිවිලි සඳ පතිත රැයේ

ඉගිලෙන පැතුම් කුමකට හිර කරම් ළයේ
පිපි කළුවරට තරු එළියත් එළිය තියේ
ලස්සන කවක් සඟවමි සඳ ගිලුණ දියේ