Saturday, October 31, 2015

බත් ගස



ලෝකයේ බොහෝ අය 
තුන් වේලම උඩ බලාගෙන
ඉන්න බව දන්නේ මේ ගස
රහත් හිමි නමක් ලෙසය
33 කෝටියක් මුල් යොමා
මහපොලොවෙ දුක් කරදර දරාගෙන
අපිත් එක්කම වැඩුන මේ ගස
බලන් අරටුව පලාගෙන
මතුවන සෙනෙහස කොස් ලෙසින්
කුසට මැද ආමාශය පිරිමදින
කුළිය නිමවී ගෙදර ආ 
අප්පච්ච්චි මෙන් ගේ දොරකඩම
 හිටගෙන පොඩි උන්ට 
වරක ලොසින්ජර දෙන්නෙ 
දෝතින් වඩාගෙන
මේ බත් ගස ඉතින්
අපට මහ වෙහෙරකි
------------------------------
දුෂාන් ජයරත්න

Thursday, October 29, 2015

මල් අම්මා










පින්තාලියක් වී හිටගෙන
මනු සතුන් හැමෝටම 
ආදරේ මවු කිර තනන්නී
කිල්ලෝට ලෝකයේ 
හුද්කලා වන්නී
බඩගින්න ගෝනි කටු 
අනින කුස පොත්ත
ඉනි කටු අත් දෙකෙන් ඔසවාගෙන
මලක් දෙකක් විකුණා ගන්න
අනේ මද්දහනේ
පාරමිතාවක් පුරන්නී

Wednesday, October 28, 2015

---- මුල් ගුරුතුමිය අම්මාය -----



සාලෙ පුරා , කාමර පුරා
පාට පාට පැස්ටල් කූරු වලින්
බිතු සිතුවම් අදින්නට
-------------------------------------
නුඹේ උපකරණ
ඇද ඇද ගල ගලවා
විජ්ජා පරීක්ෂණ කරන්නට


අ,,යනු ආ,,යනු කියා දී
බස රස කෙරුව
ගෙවෙන මිණි රන් තුඩ
සැණෙකින් උල් කර අත හුරු කල
-----------------------------
අකුණු ගහන මහ වැස්සක්
බිම හෙලන  රාත්‍රියක
බිය මකා සුර0ගනා කතා 
සවන් යොමු කර නිදන්නට සැදූ
---------
අපබ්‍ර0ශ මුළු රාත්‍රිය පුරාම
ඇස්වල නිදිකුම්බා කටු ඇන ඇන
ටියුෂන් මල්ලව පොරයට නොයවා
දිරි දී අකුරින් ජය ගන්නට

***** ඒ නුඹය..

Monday, October 26, 2015

**** මාස් පඩි ****








අව්වටම පිච්චුණු
සුදු අත්දිග කමිස
පොල්තෙල් අතුල්ලා
එක්කාසු කළ තැන තැන 
ශේෂ වූ කෙස්ස
අළු කෙසෙල්, 
ගැට පොලොස් සමඟ
බත ඔතා පත්තර පිටුවක
අවැසි අනවැසි
සියළු ලට්ට ලොට්ට
පුරවපු ඔපීසි 
ඉදිමුණු දණහිස්
වලට බරදී දනිපනි ගගා
කෙසඟ මුත් තවම නාඩි 
වැටෙනා සිරුර ගෙනයමි
මාස් පඩි හිඟමන් ඉල්ලන්ට





















Saturday, October 24, 2015

නිතර ළඟ දැවටෙන නුඹ?



උඩඟු කඳු මුදුනට
වගක් නැති බව දැන දැන
නිතර ළඟ දැවටෙන 
වළාකුල දුටුවේද නුඹ?

කඳු මුදුන අතහැර
රිදෙන ගමනක් යන්නට
හිත හදාගෙන, මොහොතක් 
හැඬූ හැටි දුටුවේද නුඹ?

Friday, October 23, 2015

පොඩි සාදු




සංසාර ගමනින් එතර වන්න පොඩි සාදු
පොඩි සාදු
ගං දැල බුදු කුටිය බෝ මලුව
සඳ එළිය...වන අරණ නිසසලයි
තව්තිසාවෙන් මිහි ලොව
බුදු පුදට එන
දෙවඟන පුදන පරසතු
මදාරා කඩුපුල් මලින්
බුදු කුටිය සුවඳයි...
ලොවක් නිදනා නිහඬ මැදියම
තුන් සිතම සිල් සුවදින් පහන් කර
පොඩි සාදු පාරමී දම් පුරයි….
තණ්හා රතී රගා රඟදෙන කෙළි මඩල
සම වැදුන උපශාන්ත වු
දැහැන් බිද දමන්නට
එපා පොඩි සාදු දැස් හැර බලන්නට
බැරි වේවි සතර වරිගෙට
නිවන් දකින්නට

Thursday, October 22, 2015

සෙවනැල්ල







අත ළඟම සේ පෙනෙන
මායාව සිත දවන 
නුඹයි සෙවනැලි දහස 
ළඟ වුනත් ළඟ නොවන

එළිය සමගින් මැවෙන
අඳුර ළඟ සැඟව යන 
නොපෙනුනත් ළඟින් ඉඳ 
හිතට එබිකම් කරන 

කිසිදිනක හිමි නොවන
කිසිදිනක වෙන් නොවන
තනිකමට තනි රකින
සෙවනැල්ල නුඹ සබඳ

**තුම්මුල්ලෙ මතකයන් **



අවසන් ලෙක්චර් එකත් ඉවරයි
තුම්මුල්ලෙ මතකයන් අහුලන්
සරසවියෙ පාරවල් අතරින
කවදාවත් නැති හැගීමක්
නොතේරෙන මහ පාළුවක්
රැගෙන යළි ගමට යන්
නැවටහ් හමුවන සිතින්

Tuesday, October 20, 2015

අහිමි විලාසිතා


.....අහිමි මානය......
තිබුන මුත් ආශාව
ගත දවට ගන්නට 
දුහුල් දවල සළු පිලි
සිත මන් මත් කරවන

...ඒත්....

                                             ඇත මා බැද දමා
                                                                  මා සන්තකව ඇති
                                                              උකට ලී වන් කුරාණය
                                                               දවට ගමි ඉතින් මම
                                                               ලොවම වසන සළුවම



...   සැ.යු..( ගැරහීමක් නොවේ.)

සුළඟ




සුළඟ ඇවිදින් උදයේම
තබා අත්සන වැලි මත
රතු ලදලු කලබල කර
මල් පියලි ගෙන නික්මිණ

වළා අතුරා ආ මඟ 
රහස් පිඹ පිඹ හැම අත
දූලි තිර පට දිග හැර 
ආව සැණෙකින් සැඟවිණ


Saturday, October 17, 2015

අසනි වැසි







අසනි වැසි ඇද හැලුනි

නියගයට සමුදෙමින්

උනා දැමුවෙමි ඇදි වතද

සිනා මල් පිපුනි මුවගට

Friday, October 16, 2015

සැනසුම



නෙතු රිදෙන මානයේ 

මා නොදැක, නුඹ හිඳින

ඇඟිලි තුඩු අගින් හිස 

යළි යළිත් අවුල්වන 

ඇදුම්කන නෙතු සඟල 

වසා මොහොතක් සිතන 

සුසුම් නොහෙලා හැරෙමි 

හෙටයි හිනැහෙන දවස

Thursday, October 15, 2015

Wednesday, October 14, 2015

සුලග


සුලගක්

ඇවිදින්

හැඩිකල

මිදුලක්

හැඩකල

ඉදලක්

 සුලගට

එරෙහිව





Tuesday, October 13, 2015

වස්සානයේ අවසන




ඉඳහිට අහඹු දවසක

කොපුලත තෙමන වැහි බිඳ 

නුඹේ සිත ළඟ ගලපයි 

මගේ කඳුලක මතකය

පුස්


අපේ උන් කියයි
මමත් එළ 
බවුද්දයෙක්
අහපි කියාපන් තුසරණය

කියපි දන්නෑ.

Monday, October 12, 2015

නොලියනා කවි



කියන්..
නුඹ 
දකිනවද...
මා 
නොලියනා 
කවිත්?

අහිමි


කලාතුරකින් වුවද

නුඹ ගෙනෙන සතුට පොද

මගේ සිතට නුහුරු බව 

ඉඳුරාම මම දනිමි 

නුඹේ අත්ලත තබමි