සඳ නොපෑයූ
අමාවක අහසේ
දහස් ගණනින්
පෑව්වත් තරු,
ඔබ ලෙසේ
ආලෝකෙ දිය හැකි
සිකුරු තරුවක්
නොමැත අහසට
නිවී දැල්වෙන
වෙනස්වන තරු
දකින මා නෙතු
ලබන වියරුව,
නොනිමි බබළන
තාරකාවක
එපා නිවී එය
මට දනවන්නට
ඔබෙත්, මාගෙත්
දුරස් බව බිඳ
පුංචි තරු කැට
එකතු කරගෙන,
අලුත් තුරු වැල්
රටාවක් වෙමු
මගේ සෙවණේ
දිලිසි, දිලිසී