Sunday, October 16, 2016

සමුගතිමි








ගිලිහි අතින් තවකෙකුගේ සුරත ගැටී
යා යුතු නොවේ වරදක සිත බැදෙන හැටී
මතකය රිදුම් දෙන මැසිවිලි දෙතොල දිටී
අරලිය මලක් මියැදුනි ගස මුලම වැටී

බිඳුවක් පමණ සෙනෙහස හද තුළ නොවිනි
අරුතක් නොමැති කවියක් දෝ සැක සිතුණි
පමණ ද ඉක්මවා ආදරයක බැඳුණි
මතකයෙ රැඳෙන්නට ළෙන්ගතු කම නොදුනි

යන එන මග නොමඟ රැදිලා සිනාවෙන්
රවටනු එපා හදවත මා මුළාවෙන්
වෙහෙසත් දුකත් කවියක මුවාවෙන්
මම සමුගතිමි නුඹගෙන් ලද පමාවෙන්




3 comments:

  1. අපූරුයි. අපූරුයි.මේක දැක්කාම මගේ පරණ පෝස්ටුවක කවියක් මතක් වුණා.

    හීන් හඬින් නුඹ අමතන කථාවට
    වසඟ වුණා ඔය සුන්දර ලතාවට
    තොල්පෙති අතර දිළිසෙන මුතු මනාවට
    මම රැවටුණා ඔය සුන්දර හිනාවට........

    ජයවේවා!!!

    ReplyDelete
  2. කවි දෙකම හරිම අපුරුයි.

    ReplyDelete
  3. කවි පෙළම ලස්සනයි.

    ReplyDelete