Friday, June 24, 2016

රස






ගැහැනු සිරුරක සුවයෙහි
කය සතපවන මිනිසුන්
ඇහැරවා ගත්තත්
සිත්විලේ නොපිපුණ
තුටු මල් කැකුළු නෙක

එළු කුකුළු සූකර
සතුනගේ පණ කෙඳි
මිහිතලෙන් චුතකොට
සදා රසමසවුළු
පිනවමින් රසදිව
ඇතැම් පුහුදුන් දන
සිත් ගඟේ තුටු රැලිසර
නැගූවත් කොපමණ

මදුවිතක් තොලගා
පියෙවි ලෝකෙන් බැහැර ව
ඇන්දත් සතුටු සිත්තම්
මැකී බොඳ වී යන
මතට ලොල්වුණ දන

නොවිඳිති කිසි දිනක
ජීවන යථාර්ථය
සඟවා වසන්කරගත්
සනාතන දහමක රස




3 comments:

  1. හොඳ කවි පෙළක්. බ්ලොග් පවර් සින්ඩියට දැම්මා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි ඔයාට සොයුර

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete