බංඩාරෙ මතකයි ද ඉස්කෝලෙ අපි දෙන්නා
මම ඉදිරි පේළියේ උඹ හිටියෙ පිටිපස්සෙ
ඇඟිලි නියපොතු කොණ්ඩෙ සීරුවට පිළිවෙළට
හැමදාම මට තරුව උඹට තඩි බින්දුවකි
ෆිෂ් රෝල්, එග් බනිස් මගෙ කෑම පෙට්ටියේ
මොකුත් නෑ ඉඳ හිටක ගෙනාවේ උඹ බතල
හරි මිසක් වැරැදි නැති එකම තනිරූල් පොත
කිලුටු මුත් තිබුණෙ තරු බින්දු ආවේ මෙමට
අදත් මම ඇවිදිල්ල චැනල් පෝලිමේ මුල
ඉන්නකොට උඹ ඇවිත් පිරුණු දිස්නය අරන්
උගුර, කන, නාසය විශේෂඥ උඹද
කියාපන් බංඩාරෙ ඇත්තටම මේ උඹද?
පිටත දිස්නය සොයා එකතු කළ වැඩි ලකුණු
උඹ කිලුටු ළඟ ලැබුණෙ අදත් මට බින්දුවකි
උගුර, කන, නාසය මගෙ වැසුණු ඇස්වල දෝසේ
බලාපන් හොයාගන හදන්නට දැන්වත්...
ශ්‍යාමලී වසන්තා සුබසිංහ
ඔව්. ඔය වගේ බංඩාරලා දෙන්නෙක් මමත් දන්නවා. අපූරු පද ගැලපුමක්.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි සොයුර
Deleteඒකනෙ...ජීවිතෙ වටිනා මතක