Friday, February 12, 2016

පෙම්පත






තුරු සෙවණ යට ඉඳන්
හුදෙකලා වී මෙසේ
කියවන්නේ “පැවරුමක්”
වෙන්න බෑ දියණියේ...

මල් සුවඳ රැගෙන එන
නිල් ගුවනේ සැරිසරන
පාට සරුංගලයක් වගේ
මුතු අකුරු ඇඳි පෙම්පතක් - දෝ
දියණියේ...?

සමාවුව මැනවි මට
දිසාපාමොක් ඇදුරු තුමනේ
සත් වසරකට පසු
වැලිකතර හැරදා
මගේ මුව සිපගන්න
අම්මා එනවා ගම... රට...
කියා තිබෙනවා
මගේ මේ පෙම්පතේ...!




2 comments:

  1. //අම්මා එනවා ගම... රට...
    කියා තිබෙනවා
    මගේ මේ පෙම්පතේ...!//
    ලස්සනයි.

    ReplyDelete
  2. ස්තුතියි ඔයාට ගොඩක්
    ඔව් සුන්දර බලාපොරොත්තුවක් ඉටු වේවා

    ReplyDelete