Tuesday, April 4, 2017

අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ










තලන්න ඇහැකිනම් කෙනෙක් තලන්න මයි බලා ඉන්නෙ
පැටව් ටිකට බණ කියනා කකුළු මවක් වගේ යන්නෙ
තමන් හරිය කියා මිසක් අන් මතයක් නෑනේ ගන්නෙ
ළිඳේ ඉන්න ගෙම්බන් නැත ලෝකය ගැන කිසිත් දන්නෙ

කසාය බිව් ගොළුවන් මෙනි හොඳ වැඩකදි නැතිය කතා
වැරැද්දකදි උඩ පැන පැන නැති වැරදිත් කියති ගොතා
ඇතිදා ඇති - නැතිදා නැති - නැදෑයින් හැමට ඇතා
කට තද කර කන දිග හැර ජීවත් විය යුතුය හිතා

හිතේ නැතත් කම්මැළිකම ගෙයකට අපලයි වේයෝ
පොතේ පතේ අගේ නොදැන විනය කටින්නේ මීයෝ
ගතේ සවිය බල ඇති නම් ළඟම රැඳේ යයි කියෝ
අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ


6 comments:

  1. සෝමා ජයකොඩි ගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ තියෙනවා නෑයෝ ගැන ලස්සන කියමනක්.
    "නෑයෝයි වේයෝයි මීයෝයි අයින් කරලා ජීවත් වෙන්න පුලුවන් නම් හීවිතය පහසුයි"
    මේ විදිහටම නෙමේ අදහස මේකයි.
    ඔබේ කවියේ අදහසත් එක්ක ඒ කියනමත් අපූරුවට සසැඳෙනවා !

    ReplyDelete
  2. දුශාන් අයියේ. මේක මරු. කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මරු කවි ටික..ඈයෝ නෑයෝ වේයෝ මියෝ කියන ජාති ඔක්කොම හීන් නුලෙන් ගේම දෙන ය නේ

    ReplyDelete
  4. ලස්සන කවි පන්තියක්...මං හිතන්නෙ ඉස්සරෝම වගේ මේ පැත්තෙ ආවෙ

    ReplyDelete
  5. සත්‍යය නොවහලා පැවසූ ඔබට මගේ ප්‍රණාමය

    ReplyDelete
  6. ඇත්තම සත්තයි

    ReplyDelete