නොනිදි රැය දිගු වුවත්
සඳ එළිය හරි කළුවරයි
අමාවක අත වනයි
පෝය නික්මෙන හැඩයි
බක් මහේ මල් සුවඳ
මගෙ පැලට අකැපමයි
ප්‍රේමයේ හව්හරණ
කාසි ළඟ රැකවලයි
කල්පයක් වූ හීන
හීනයට ඉඟිමරයි
නියංසායට දැවුණු
ඉපල් මදහස පුරයි
එකම පරපුරක උරුම
මේ කඳුළු උණුහුමයි
බක් මහම හීතලයි
තනිකමට සරදමයි
තරු එළිය මඟ නොකී
යෞවනය තනිකඩයි
ගුරුපාට අතීතය
මදහසට විරසකයි
පුර හඳට පෙම් පිරුව
හදවතට දුක බරයි
කවි හිතම ගැබ්බරයි
පත් ඉරුව තනිකඩයි
No comments:
Post a Comment