නික්ම යන මොහොත
එළඹ ඇති
දියණියේ
ඉතින් කිසිදින
කඳුළක් නොහෙලන්න.
අප තුරුලේ
සැමදා ඔබට
ඉන්නට නොහැකිය
විසල් ලෝකය
නුඹ එනතෙක් බලා සිටී
අප වැනි ම වූ
තවත් මා පිය යුවළක්
නුඹට හිමි වනු ඇත
එහෙත්
අප දෙදෙන මෙන්
ඔවුන් නුඹට
ආදරය නොකරන්නේ යැයි
වේදනා නොනගන්න
නොතැලෙන යකඩය
කිසිදා
මුවහත් ද නොවේ
පුංචි මල් කුමරියේ
මවුපියන් වීම නම්
මෙලොව ඇති
ලොකු ම අරුමයයි
උතුරා යන සෙනෙහස
නුඹට මිස
අන් කිසිවකුට
ඒ අයුරින් ම
දීමට
නොහැකියි.
අගෙයි අගෙයි.
ReplyDeleteජයවේවා!!!
කවියට හැකි පමණින් උපකාර කරන්නෙ දුමී ඔබයි.....
Deleteජීවිතයේ දරන්න අපහසුම මොහොතක් මේ !
ReplyDelete