ගව් සියයක් මෙපිට සිටිය ඔබ
ගම් සියයක් එපිට සිටිය මම
තල කොලයක ඇඳුනු
කොටු - කතිර - රාශි තුල සිරකොට
රාහු - කේතු - ගුරු - ශනිට සමකොට
නැකැත් ඇදුරෙකු පෑන් තුඩගින්
ලැබිනි අවසන් තීන්දුව අද
ඔබේ සිත ඔහු ළඟින් සිරකර
මගේ සිත ඇය වෙතට හිමිකර
ඇතිරු සුදු පිළි - යහන මතුපිට
හැරී දෙපසට - තුරුලු වී සීතලට
සුසුම් ගින්නෙන් දවයි කුටියම
රාත්රිය තරුණය
ඔබ මා මෙන් ම
උණුහුම්ය රුහිරු
ගලායන - නහර වැල් තුළ
පහන් පැය හෙට උදාවන
නොවන්නට අවමාන ඔබහට
දෙහිත් නොරටක
ගියත් දෙඅතක
සිරුරු උණුහුම් කළ යුතුය අද
ගම් සියයක් එපිට සිටිය මම
තල කොලයක ඇඳුනු
කොටු - කතිර - රාශි තුල සිරකොට
රාහු - කේතු - ගුරු - ශනිට සමකොට
නැකැත් ඇදුරෙකු පෑන් තුඩගින්
ලැබිනි අවසන් තීන්දුව අද
ඔබේ සිත ඔහු ළඟින් සිරකර
මගේ සිත ඇය වෙතට හිමිකර
ඇතිරු සුදු පිළි - යහන මතුපිට
හැරී දෙපසට - තුරුලු වී සීතලට
සුසුම් ගින්නෙන් දවයි කුටියම
රාත්රිය තරුණය
ඔබ මා මෙන් ම
උණුහුම්ය රුහිරු
ගලායන - නහර වැල් තුළ
පහන් පැය හෙට උදාවන
නොවන්නට අවමාන ඔබහට
දෙහිත් නොරටක
ගියත් දෙඅතක
සිරුරු උණුහුම් කළ යුතුය අද
නෙතින් දුටුව පියකරු මුදු අතීතයක නිධන්ව
ReplyDeleteසිතින් දුරක ඈතක අප දෙදෙන සිහින රැඳෙව්ව
ගතින් එක්ව රැකිය යුතුය නම්බුව නෑසියන්ව
ඉතින් සොඳුර සැනසෙමු අප නැත සනසමු ඔවුන්ව....
අපූරුයි.
ජයවේවා!!!