මුල් ඇද්ද දා සිට
ආකහෙන් ලද දිය මිස
සෙනෙහසක් නොලැබූ බව
සාක්කිය ඉරිතැලි කඳ
අව් වැසි සුළං හඳුනන
අකුණු සර ළඟ නොසැලෙන
ඍතුවෙන් ඍතුව ගතවෙන
දුර බලා නිති ඉවසන
රළු පරළු අතු අග
කිසිම දා මල් නොපිපුණ
බඹර ගුමුවක් නොඇසුන
තනිකමක් හා තනිවුණ
හිස තියා මුල් රැස මැද
බදා පහුරින් රළු කඳ
ලතාවක මිමිනුම් හඬ
ඇසුණි පැටලී සිහිනෙක
අහම්බෙන් මේ මඟ
ගියොත් නෙත රැවටෙනු ඇත
ලියවැළක සෙනෙහස මැද
මල් රැසක් දිලිසුණා තුරු හිස
පතුල නැති හීනයක කිමිදෙන
ගැලූ කඳුලින් මාල ගොතමින
සතුට දෝතකට රැගෙන හිනැහෙන
පය පැකිලී විට සෙමෙන් නැගිටින
අගෙයි සයුනි...........................
ReplyDelete