Saturday, November 12, 2016

යෝජිත විවාහයක මධුසමය දා








ගව් සියයක් මෙපිට සිටිය ඔබ
ගම් සියයක් එපිට සිටිය මම
තල කොලයක ඇඳුනු
කොටු - කතිර - රාශි තුල සිරකොට
රාහු - කේතු - ගුරු - ශනිට සමකොට
නැකැත් ඇදුරෙකු පෑන් තුඩගින්
ලැබිනි අවසන් තීන්දුව අද

ඔබේ සිත ඔහු ළඟින් සිරකර
මගේ සිත ඇය වෙතට හිමිකර
ඇතිරු සුදු පිළි - යහන මතුපිට
හැරී දෙපසට - තුරුලු වී සීතලට
සුසුම් ගින්නෙන් දවයි කුටිය


රාත්‍රිය තරුණය
ඔබ මා මෙන් ම
උණුහුම්ය රුහිරු
ගලායන - නහර වැල් තුළ
පහන් පැය හෙට උදාවන
නොවන්නට අවමාන ඔබහට
දෙහිත් නොරටක
ගියත් දෙඅතක
සිරුරු උණුහුම් කළ යුතුය අද








1 comment:

  1. නෙතින් දුටුව පියකරු මුදු අතීතයක නිධන්ව
    සිතින් දුරක ඈතක අප දෙදෙන සිහින රැඳෙව්ව
    ගතින් එක්ව රැකිය යුතුය නම්බුව නෑසියන්ව
    ඉතින් සොඳුර සැනසෙමු අප නැත සනසමු ඔවුන්ව....

    අපූරුයි.
    ජයවේවා!!!

    ReplyDelete