Monday, January 30, 2017

තනිකඩයාගේ කවිය




කුල මල මිළ මුදල් දේපල  ජාති බේද අතරේ තනිවන යව්වනය




නොනිදි රැය දිගු වුවත් 
සඳ එළිය හරි කළුවරයි
අමාවක අත වනයි 

පෝය නික්මෙන හැඩයි

 දුරුත්තේමල් සුවඳ

 මගෙ පැලට අකැපමයි
ප්‍රේමයේ හව්හරණ 
කාසි ළඟ රැකවලයි

කල්පයක් වූ හීන 
හීනයට ඉඟිමරයි
නියංසායට දැවුණු 

ඉපල් මදහස පුරයි

එකම පරපුරක උරුම 

මේ කඳුළු උණුහුමයි
දුරුතු මහ හීතලයි 

තනිකමට සරදමයි

තරු එළිය මඟ නොකී 
යෞවනය තනිකඩයි
ගුරුපාට අතීතය 

මදහසට විරසකයි

පුර හඳට පෙම් පිරුව 

හදවතට දුක බරයි
කවි හිතම ගැබ්බරයි 

පත් ඉරුව තනිකඩයි




















6 comments:

  1. //කවි හිතම ගැබ්බරයි
    පත් ඉරුව තනිකඩයි//....

    ලස්සන යෙදුමක්. අපූරු කවි ටිකක් අයියෙ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සන පද ටික..

    අද තමයි මේ පැත්තට ආවෙ.. ජයවේවා!!

    නොතේරුනු පෙම නුඹට
    තාම හිත සක්මන් කරයි

    තවත් හිතකට හිමි වෙන්න බෑ
    එ තරම් මම ආදරෙයි

    ReplyDelete
  3. // ලෙංගතුය තවම මම
    සුදු හාමිනේ
    තනිකඩය තවම මම//
    දිවුල්ගනේ මහත්මය මෙහෙම් කිව්ව මතක් උනා.
    ජය වේවා කට්ටියටම ස්තුතියි

    ReplyDelete