කොහෝ තුටින් ගීත ගයන
තුරුලිය මල් වලින් පිරෙන
නැවුම් හැගුම් දෝර ගලන
අවුරුදු ආවා
සියොතුන් රස ගීත ගයන
ගේ දොර හැම කල එලිවෙන
නැවුම් හැගුම් දෝර ගලන
අවුරුදුආවා
අවුරුදුආවා
ගොයම් කපා ගෙට ගෙනෙන්න
අලුත් සහල් බත් උයන්න
ඔන්චිලි වාරම් කියන්න
අවුරුදු ආවා
අලුත් වළ0 ගෙට ගෙන්නෙන්න
අලුත් ඇදුම් හැඩ බලන්න
කැවිලි පෙවිලි රස බලන්න
අවුරුදු ආවා
රබන් සුරල් හඩ අහන්න
හෙළ කෙලි සෙල්ලම් කරන්න
හැමෝම එකමුතු කරන්න
අවුරුදු ආවා