බිගුන් ගුම්දෙන මලක් අද්දර
මලත් කම් නෑ කියා පෙම් කර
මුකුලු කෙරුවේ පෙමින් බැද සිත
සිතට සිත ආදරෙන් ලන්වී
පෙම් පුරාවත ලියන මහ රෑ
එකම එක වරක් අමතකව පද
හීන් පද වැල් හිමින් වැගුරුනි සීරුවෙන්
ගිලිහුන දා පට සරම කොනෙන්
තවත් කාලයක් පෙරුම් පුරන්නද?
නොකියු ඒ කවි පද මුමුනවන්නට
මේ තරම් දුර ඇවිත් හිත් බැද
එකට එක නොගෑවුන දෙතොල් මත