Friday, November 4, 2016

කදුළකි ඔබ මට









සිහිනයකි ඔබ මට
රැයක පෙනෙනා තරුවක් වගේ
මොහොතක් සිතේ රැදී
සැණෙකින් මැකී යන

රළ පෙළකි ඔබ මට
ගතට සිසිලක් දෙන
වරක් ළං වි
සැනෙකින් ඈත් වී යන

මිරිඟුවකි ඔබ මට
සිතේ පවස නිවනා
වරක් ළංවූ විට
සැනෙකින් ඈත්වී යන

කඳුළින් සිත පිරී ඇත දැන්
දැන දැනත් තව මුලා වනු කිමද
සිතින් මගෙ සදහට
කමක් නෑ නුඹ දැන් ගියත් මා හැර





3 comments:

  1. මටනන් කවි සිංදු ලියන්න තියා කියන්නවත් බැරි උනාට කියවන්න ආසයි... නියමයි ...

    ReplyDelete
  2. සිහිනයන් බොඳ වුණත්
    රළ පෙළම ඈතට ගියත්
    මිරිඟුවෙන් වෙහෙසුණත්
    දිරි ගනින් තුටු වෙමින්
    සුරැකි දිවියක් ඇත තවත්......

    ජයවේවා!!!

    ReplyDelete
  3. ස්තුතියි සොයුරේ

    ReplyDelete