Saturday, January 9, 2016

සසර සරනා තුරු ම...



නෙතු හඬන හැමවිට ම
පිසදමා නෙතු කඳුළ
සිනහවෙන මොහොතකට
මඟ කියූ සෙනෙහෙරුව

වසන්තය ගෙන එනා
මගෙ දිවියෙ ගී තනුව
හද ගැහෙන රාවයට
නුඹයි පණ පෙව් මිහිර

දිය සිඳී ගිලන්වන
කුරිරු ගිම්හාන සමය
නොසිඳෙනා සෙනෙහෙ දිය
උල්පතය මවුනි නුඹ

මට නුහුරු දිවි මඟක
පාර කියූ සඳ කිරණ
නුඹයි මා මවු රැජන
සසර සරනා තුරු ම..


2 comments:

  1. රූපයත් සුපිරියි... අාච්චිගේ කරාඹුව වෙනුවට තියෙන බෝතලයක් නේද....

    ReplyDelete
  2. ස්තුතියි ඔබට.
    ඔව් ආච්චිගෙ කරාබුව බෝතලයක් ( ගල් ) රූපෙ ලැබුනෙ මූණු පොතෙන්.බහු රූ මාද්‍යෙන් ඇදපුව.හරිම දක්ශයෙක්.......
    ස0ජානනයෙන් ( perception ) බලන ක්‍රමයක් කියල සමාජ විද්‍යාවෙදි ඉගෙනගෙන තිබ්බ.

    ReplyDelete