Wednesday, January 13, 2016

මනාලියක් නොවූ ගැහැනිය





අද නොවේ හෙට කියා දොරේ ලියලා තැබූ
බාලගිරි දොස ඇතේ ඉවර වී කල් පැමිණ
හද කවුළු දොරමතින් ලියන්නට සිදු ව ඇත
අද නොවේ හෙට කියා බලාපොරොත්තුව...

තාන් රෙදි සුවඳකින් අලුත් වූ යෞවනය
කල් පිරුණ කෙස් ගසින් ජීවිතේ ගැන කියයි
මුතු පබළු ඇහැ කඳුළු මාලයක් වී කරට
ජීවිතේ හෙට දිනට අලුත් පැතුමක් පූරයි...

අවාරේ මල් පිපුණ ඇහැළ ගහ ඉකිබිඳින
අහස යට හිනැහෙනවා ඔච්චමින් මල් කිණිති
පමාවී මඟ වැරදි ආ සමනල රංචුවකගේ
ස්වයං වරයයි පෙති සිඳුන මල් කුමරිට...

ඇසෙන් ඇසට හිතෙන් හිතට පැතුමන් පිරුවයි
ලතා මඩුලු යටදවසක සිනාව බිඳුණයි
මාල පබළු කරෙන් වැටි දෙපතුල සිම්බයි
ඇදවුණු හෙවණැල්ල ළඟදි දීගය ඇරුණයි..

4 comments:

  1. හෙවණැල්ලත් අැදලු නේද??????????? 

    ReplyDelete
  2. එකනෙ කුරුටු.
    දීගෙක යන්න මට දෙන්නෙම නෑනෙ...

    ReplyDelete
  3. Thanks lalith,
    Ha.ha.will see who catches me .....need soon.....

    ReplyDelete