Saturday, December 29, 2018

අවුරුදු 22 කට කලින් උසස්පෙළ ප්‍රථිපල බලපු හැටි



එදා අද මෙන් නෑ දියුණු
අදනම් උසස්පෙළ ප්‍රථිපල අන්තර්ජාලයට මුදා හල සැනින් අතේ ස්මාර්ට් ෆෝන් එකේ.
අපි උසස්පෙල ලියා අවසන් වී එක්කෝ කුලී වැඩක යෙදුන නැත්නම් මොකක් හරි ප්‍රයෝජන දෙයක යෙදුන
ඒකෙදි මාත් කලේ රෙදි ෆැක්ටරියක වැඩට ගිය එක තමා.
1997 එක් දවසක් මන් වැඩ කර කර හිටිය බතික් රෙදි වැඩපලට මගේ පංතියේ හොදම යාලුවා තවත් යාලුවෙක් අග මා සොයා ආවා
(වජිර සහ යොහාන් )
ඒ කාලේ අද වගේ මුහුණුපොත් නෑ පත්තර ගන්නත් සල්ලි නෑ නිතරම
ප්‍රතිපල එනවද කියල හාංකවිසියක් දන්නෙත් නෑ.
අනේ ඉතින් මුන් දෙන්න කිලෝමීටර 15 ක් විතර බයිසිකලෙන් ඩබල් දාල ආවෙ නැතෑ එක පාරටම දර්ශනය වෙන්න මන් වැඩ කර කර හිටිය තැනට
ආපු ගමන් කියපි මුන් 
'අඩේ අන්න උබයි මායි කැම්පස් පාස් වෙලා කියල
මාව නිකං අංදුං කුංදුං වේගෙන ආව 
හැබැයි පාස් වෙන අදහසකුත් තිබ්බ 😆
මාත් ඉතින් මු දෙන්න කියන කෙබරය විස්වාස කලා
ඒ උනත් අර ගිණුම්කරනය උගන්නපු සෑර් කියල තිබ්බ බඩුවක් උනත් අතගාලම බලන්න කියල
ඒක මතක් වෙලා හනි හනික වැඩපොලෙන් පැනල මාත් පුටාර් එක අරන්
(බ්‍රේකුත් නෑ..කකුල් බ්‍රේක් තමා )
පැදපි ඉස්කෝලෙට බයිසිකලෙන්ම
අරුන් දෙන්න මාරු ඩබල් දාගෙන ආපහු පැදඔඉ ඉස්කෝලෙට අපේ වැඩ බලන්න

පැදල පැදල ගිහින් බලද්දි ඇත්ත නේනම්
ඌ දිස්ත්‍රීක්කෙන් 7 
මම දිස්ත්‍රීක්කෙන් 24 

ඊට පස්සෙ ඉතින් රූං ගාල මාත් උන් දෙන්න එක්කම ආපහු අපේ ගෙදරට පැදපි
මොකද දන්නවද
මුලින්ම පණිවිඩේ දෙන්න ඕන වෙන්නෙඔඉන කෙනෙක්ට 
ආදරණිය දෙමාපියන්ටනෙ.
ඉතින් ඔහොමයි අපේ ප්‍රථිඵල බැලිල්ල
දැන් ඉන්න උන්ටනම් එබුව සැනින් ප්‍රතිපලනෙ 😁😁💣



3 comments: