Thursday, April 13, 2017

අවුරුදු ආවා









කොහෝ තුටින් ගීත ගයන
තුරුලිය මල් වලින් පිරෙන
නැවුම් හැගුම් දෝර ගලන
අවුරුදු ආවා

සියොතුන් රස ගීත ගයන 
ගේ දොර හැම කල එලිවෙන
නැවුම් හැගුම් දෝර ගලන 
අවුරුදුආවා

ගොයම් කපා ගෙට ගෙනෙන්න
අලුත් සහල් බත් උයන්න
ඔන්චිලි වාරම් කියන්න
අවුරුදු ආවා

අලුත් වළ0 ගෙට ගෙන්නෙන්න
අලුත් ඇදුම් හැඩ බලන්න
කැවිලි පෙවිලි රස බලන්න
අවුරුදු ආවා

රබන් සුරල් හඩ අහන්න
හෙළ කෙලි සෙල්ලම් කරන්න
හැමෝම එකමුතු කරන්න
අවුරුදු ආවා





2 comments:

  1. තිබෙන තරහ නැති කරන්න
    අලුත් මිතුරුකම් හැදෙන්න
    සමගිය සාමය පිරෙන්න
    අවුරුදු ආවා......

    ජයවේවා!!!

    ReplyDelete
  2. නියම පැදි පෙලක්

    ReplyDelete