Thursday, February 2, 2017

වසන්තය එන තුරා








වසත් කල මල් කැකුළු
පුබුදිනා බව කියති
තුරු වදුලු මල් උයන්
හිනැහෙනා බව කියති

විහග කැළ පෙම් ගීත
මුමුණනා බව කියති
කදුළු වියැකිලා ගොස්
සතුට එන බව කියති

හිරු සදුද තාරකා
හිනැහෙනා බව කියති
මිනිස් සිත මනු දමින්
පිරෙන කාලය කියති

සදා කල් මග බලන්නැයි
මගේ සිත කියති
සොදුරු වූ වසත් කල
එනතුරා මග බලමි



1 comment:

  1. වසත් දින ගිය පසුව
    දුකම උතුරායයි කියති
    එයින් පන්නරය ගෙන
    ජයගන්න පොර බඳිති....

    ලස්සනයි අයියේ...

    ජයවේවා!!!

    ReplyDelete