Saturday, January 30, 2016

මුකුලු







බිගුන් ගුම්දෙන මලක් අද්දර
මලත් කම් නෑ කියා පෙම් කර
මුකුලු කෙරුවේ පෙමින් බැද සිත
සිතට සිත ආදරෙන් ලන්වී




පෙම් පුරාවත ලියන මහ රෑ
එකම එක වරක් අමතකව පද
හීන් පද වැල් හිමින් වැගුරුනි සීරුවෙන්
ගිලිහුන දා පට සරම කොනෙන්


තවත් කාලයක් පෙරුම් පුරන්නද?
නොකියු ඒ කවි පද මුමුනවන්නට
මේ තරම් දුර ඇවිත් හිත් බැද
එකට එක නොගෑවුන දෙතොල් මත

3 comments:

  1. ලව් කරපු කාලේ මතක් උනා. ලස්සනයි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  2. හ..හ ලවු කරපු කාලය තරම් සුන්දර කාලයක්
    ස්තුතියි ඔයාලට

    ReplyDelete