Tuesday, December 29, 2015

සිතුම් රැස







අකීකරු කෙස් රොදෙහි
ඇඟිලි තුඩු පටලන්න…
ගැඹුරටම කිමිදෙන්න
සිනාසෙන නෙතු යුගේ

දඟකාර මුව මඬලේ 
හාදුවක් සතපන්න
පපුතුරෙහි හිස හොවා
හදවතට කන් දෙන්න

අප අතර ඇති වෙනස
කල්පයක් සේ දුරයි

හිමි නොවන උණුසුමට
මුළු සිතම ලොල් බඳී

හැඟීමෙන් පිරුණු මේ
අකීකරු සිතුම් රැස
දහස් ගව් දුරක සිට
නුඹට දෙන තිළිණයයි






4 comments:

  1. ජය වේවා.. හැකි තරම් ලියන්න.. අතාරින්න එපා..

    ReplyDelete
  2. ස්තුතිය ඔබට දේශකයානෙනි.නොනවතිමි.
    ලියනව දිගටම අනිවාර්‍ යෙන්ම.....ජය වේවා ඔබටත්....

    ReplyDelete
  3. කුරුටු කොහොමත් හැමදාම පස්සෙන් ඇවිත් මාර සහයක් දෙන්නෙ...ස්තුතියි ඔබට සොයුර

    ReplyDelete