Thursday, November 19, 2015

බිම් මල ( නිසදැස්, )





පිපී ඇත
සුදු පාටට
එක ම එක මලක්
මහපොළොවෙ තෙත පපුව මත


බුදු පාමුල වැඳවැටී
ප්‍රජාපතිය සේ
අරහත් වෙන්ට
නුඹ නෙළාගෙන යන්නේ නැතුවා ද
කවුරුත් ම දෙව්රමට.


ඉගිළී ඇවිත් සමනළයෙක්
මුව මඩල ඉඹ බැලුවේ නැතුවා ද
සාලිය සේ ආදරයෙන්


හැමෝටම අමතක
කුරාකුහුඹීන්ට
අව්වට
වැස්සට
මුතුකුඩය ඉහලුවේ නුඹය
සාස්තෲවරයෙකු සේ
එකපයින්


එක වේලක
තලුමරන ව්‍යන්ජනයකට
බෑ නොකියා ම
දිවි පුදන්නේ නුඹය
මැද්දුම බණ්ඩාර සේ
එඩිතර ව







3 comments:

  1. සුන්දරයි... ජයවේවා

    ReplyDelete
  2. අමුතුම අදහසක්. ලස්සනයි...........

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි දෙන්නටම

    ReplyDelete