Monday, January 18, 2016

බිදුනු හැඩ සහ රුව



මගේ හද
රිදෙන විට
නුඹේ හද රිදුණාද
මා නඟන
විරහ හඬ
දෙසවනට
ඇසුණා ද
නො ඇසුවත්
නුඹේ හඬ
නොදුටුවත්
නුඹේ රුව
බිදුනු පෙම
මෝරමින්
ලැඟුම් ගෙන
මා හදේ
රැඳී ඇත
නුඹේ රුව
රැඳී ඇත
නුඹේ හඬ



No comments:

Post a Comment