Friday, August 11, 2017

එකම හිත මම හොයන











සිඳ දමා තටු යුවල
නිල් අහසෙ තතු කියන
උගුල්ලා නෙතු සඟල
පුන් සඳේ රුව ගයන
බැඳ දමා තොල් යුගල
ගයන්නට තනු වයන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන,,,

අඩන්නට කඳුළු දී
සිනාසෙන්නට කියන
තැවෙන්නට හේතු දී
සැනසෙන්න මග කියන
දැවෙන්නට ඉඩ දිදී
නිවෙන්නට මට කියන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන,,,

සිතන්නට නොදී මට
සිතෙන්නට ඉඩ හරින
රැදෙන්නට නැතත් මට
මිදෙන්නටවත් නොදෙන
බිඳින්නට බලාගෙන හීන
පැතුමන් ගෙනෙන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන
,,,,,,,,,






2 comments:

  1. වසමි ඔය නෙත් යුවළ රුව පෙනෙනු බැරි ලෙසම
    ගසමි ගැට ඔය දෙ අත් දිග හරිනු බැරි ලෙසම
    සිතමි කොයි දේ කළත් තරහ වැඩි වෙන තරම
    දනිමි නුඹ සොයන ඒ එකම හිත මම බවම.....

    අය්යා ගොඩක් කාලෙකට පස්සෙ ලස්සන කවියකුත් අරන් ඇවිත්.

    ජයවේවා!!!

    ReplyDelete