Wednesday, May 10, 2017

ලොව උතුම්ම වෙසක් දිනය














සල් උයනෙහි ලුම්බිණී
සිදුහත් පුතු ඉපදුනී
ලොව සනසන වෙසක් මගුල
ඒ අසිරිය වෙනුවෙනී

හිමි සිරි පද පුඅදනට
මල් පිබිදෙයි තරගෙට
බිගු තුරුගොස පැතිරී යයි
වෙසගෙහි මහ මගුලට

බිම්බා සහ රහල් පුතා
අටහහැරි මොක් සුවය පතා
සක්විය සැප පිළිකෙම් කල
අපේ සිදුහත් බෝදි සතා

හිමිගේ මහ ගුණ හමුවේ
වසවත් පැරදී දිව්වේ
ඒ බව කියමින් තවමත්
සිරිමහ බෝපත් සෙලවේ

ගසක් යටම ඉපදුනී
ගසක් යටම බුදු වුනී
පිරිනිවුවදබුදු සමිදානෝ
ගසක් යටම සිදු වුනී

මලපුතු කරපින්නාගෙන
බෙහෙතක් සෙව් පනගන්නා
සෑසී පිලිසරන ලබා
කිසා නිවන් මග උන්නා

සුනීත සෝපාක වැනී
අම්බපාලි කතුන් වැනී
අසරණ අය සුවපත් කර
අපෙ බුදු ජීවකයානෙනි

බුදු ගුණ නව අරහාදී 
සීපත් කොට සිත පැදී
සම්බුදු සරනින් සැමහට
වේවා සුබ සෙත සැදී




5 comments:

  1. හොඳ වෙසක් තිලිණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ප්‍රීති වෙසක්

    ReplyDelete
  3. හරීම ලස්සනයි මේක බැති ගීතයකට ගත්තට කමක් නැද්ද

    ReplyDelete
  4. ලස්සනයි හැකියාව තවත් දියුණු වේවා..!! තෙරුවන් සරණයි ..!!

    ReplyDelete