Tuesday, January 17, 2017

වියපත් සිතුවිලි වියපත් බිරියකගෙන්












අපට වැඩියෙන් සීරුවට ගොම්මනේ අඳුර
වෙළාගෙන අප දෑත නිසොල්මන් අවරට ම
සනහමින් සියොළඟම පුරුදු පිල්කඩ හිඳින
හැරමිටිය දන්නවයැ අප දුටුව පෙම් හීන

ඉරිතැලුණු දිවි ගඟේ පතුල හොරැහින් බලා
නොදරු දරු අප තුරුණු වෙස් රැගෙන ඉගිලුණා
මඳින් මඳ නිවෙන තරු අඩ එළිය ඇතිරෙනා
ගිලී ගිය ඇස්වලින් පෙනේ ඉස්සර දසුන්

තුඩලමින් පෙම් අමා පැන් පොදක් මඳහසින
අදර වියමන් බඳින විහඟ නෙත් නිදිබරය
මස් වැදලි එකිනෙකට ඇලුණු නුඹෙ පුළුලුරේ
තබන්නද හිමි සඳුනි, ම හිස සෙනෙහෙන් බරවු



1 comment:

  1. අපූරුයි අයියේ. මේ වගේ දැනෙන කවි දිගටම ලියන්න තරම් දක්ෂයි ඔබ.

    ජයවේවා!!!

    ReplyDelete