Wednesday, January 11, 2017

නෙතු කදුළැලි නුඹට කී කවි





සිරි සිරි නදින් සීතල පිනි වැගිරෙනවා
මල් මී පිරීලා බමරුන් කැඳවනවා
මුදු මඳ පවන් වැද හිරිගඩු නැංවෙනවා
“නුඹ නැති දුකට නෙත කඳුලැලි වැගිරෙනවා”


මීමැසි රංචු ඇයි මල් වෙත ඉගිලෙන්නේ
ගංගා ගලා කිම සමුදුරටම යන්නේ
විහඟුන් මොට ද? රස ගීවැල් මුමුනන්නේ
“මගෙ සිත කුමට නුඹ සොයමින් ළතවන්නේ”


හතිලන සිතට ඉකිලන සුසුමක් ඇතිව
දසඅත ඉගිල්ලෙන සිතුවිල්ලට නතුව
“කොඳුරන අතීතය සිහිකර රස මුසුව
වැලපෙමි කඳුළු නොහෙලා මා අන් සතුව





2 comments:

  1. බිඟුවන් කැමති මල් දිනයක සුපිපෙනවා
    ඉහළින් ඇදෙන ගගුලැලි මුහුදට යනවා
    විහඟුන් තුටින් පෙම් ගී පද මුමුණනවා
    නොහඩන් දිනෙක හිමිකාරිය පැමිණෙනවා.....

    ලස්සන කවි ටිකක් අයියේ.

    ජයවේවා!!!

    ReplyDelete