Wednesday, September 21, 2016

අවිවාහක යෙහෙළියට






සිතාපන් හෙටක් ගැන යෙහෙළියේ
සුදු කෙසක් මතුවී කියන්නේ
කඩ ඉමක් අද්දර බවයි
අද හෙටම විසඳුම් සොයන්නයි

සොයුරි ඔබෙ කුල ගෙට ගිහින්
අයිය බින්නයි එපිට ගම්මානේ
කොයි කලක් මවු තනි රකින්න ද
ගනින් තීරණයක් ඉතින් වත්

ඔබේ පසුබැස්මෙන් හෙට උදාවන
රැකවරණ ගැන වග කියනු කවුරුන්
තනිව ආ මග තවත් ඇහැකිද
ඔබේ ඉරණම උඩයි අම්මා
නෙතු පියන්නේ සදා සැනසීමෙන්

දෛවයට කාලයට ඉඩ දී
තවත් නොසිටින් නිහඬ වී
අලුත් නෑදෑකම් සොයා
පිළිවෙළක් වෙනු
කැවුම් කිරිබත් අපට දී
හත් දා මගුල් කා





3 comments:

  1. //ඔබේ පසුබැස්මෙන් හෙට උදාවන
    රැකවරණ ගැන වග කියනු කවුරුන්//

    විවාහයෙන් රැකවරණය සොයන්නද කියන්නේ ඇයට .. කබෙලෙන් ඇය ලිපට වැටෙයි කියලා හිතෙන්නේ නැද්ද මේ සමාජයේ වෙන දේවල් දකිද්දි...:O

    ReplyDelete
  2. දස දස ගනන් පිරිමි අතරින් සත් ගුණවතුන්ද සිටිය නොහැකද?ඒත් විශම සමාජයේ කුරිරු අත්දැකීම් ඇයට මට ඔබට අන් අයට සරදම් කරන එක සාධාරනයි..නමුත් හෙට දින ඇය තනි වෙනවා
    ( Mඅගෙ නෑනත් 46 ත් පැන්න ඔය විදියට හිතල ඔන්න..දැන හොයපන්කො නාකි මනමාලයො..)

    ReplyDelete