Thursday, February 18, 2016

පලා යෑම







කිරි ළමැදෙ හිස රදා
සුව වින්ද දියණියේ
කිරි වැරුව දා දෙතනේ
සිත තැළුව දියණියේ

තන කිරෙන් බරවෙලා හිත පැතුම් පූරෝගන
මං පැතුවෙ නුඹවමයි කිසිත් නොව ජීවිතයෙ
මහ අසනි වරුසාවේ ඇස් දෙකේ සීතලට
නුඹ උපන්නේ මටයි මලක් වී මගෙ හිතට

පෙළින් පෙළ ගෙවල් පෙළේ
රැලින් රැල ළමයි රැලේ
කටු අකුලෙ මලක් වී
පිපුණ නුඹ සුවඳ දුනි...

මල්වරව යෞවනය සිනාසුණ හිමිදිරියේ
මවු සෙනේ අඩු වුණිද වසන්තයෙ ඔය හිතට
රන් පාට සමනල්ළු දැක සිනාසුණ දෑසේ
මල් සුවඳ ගෙන ගියේ කොහිද නුඹ දුර ඈත

ගංගාව හඬ නඟා ගලද්දි නිම්නයේ
නුඹට එය ඇසුණිදෝ ගීතයක් වී මියුරු
උලලේන් හඬ හිතේ බිය රදවද්දි
නුඹට එය පෙම් කවක් වූවාද...?

පන් පැදුර චීත්තය සුවඳ නුඹෙ සොරාගෙන
ගන්න හැකි වේවිදෝ මට ද ඉන් ටිකක්
දෑස සේ රැකි නුඹයි අහස සේ හැඬු මමයි
ජීවිතේ තනිකමයි - මට උරුම හිමිකමයි




5 comments:

  1. ලස්සනයි මචන්..

    ReplyDelete
  2. //ජීවිතේ තනිකමයි - මට උරුම හිමිකමයි//
    අන්තිමට හැමෝටම තනිකම විතරයි ඉතුරු වෙන්නේ.

    ReplyDelete
  3. දෙන්නටම ස්තුතියි සොයුරනේ.....

    ReplyDelete
  4. ඕක තමයි ඇත්ත.

    මගෙ අත්දැකීමෙ හැටියට, දෙමව්පියො වයසට යද්දි ඒ අයට ගොඩක් රැකවරණය ඕනෙ වෙනව. ඒ වෙනකොට දරුවන්ට වැඩ ගොඩයි. දරුවන්ගෙ දරුවන්ට ඇරුනහම වෙන දෙයක් ගැන බලන්න අමාරුයි.

    ReplyDelete
  5. ඔබ හරි.
    යථාර්තය මෙය තමයි.අද සමාජය ස0කීර්න වෙලා දරුවන්ට තමන්හෙ පවුල් බර අදින්න වෙලා.
    සමබරව ගෙනියන්න පුලුවන්නම් දෙමවුපියන්ටත් සලකගෙන අන්න වාසනාවන්ත දෙමවුපිය දරු සම්බන්දයක්.
    වැරැද්දක් කියන්න බැහැ මේ වගෙ අවස්තාවක.
    නමුත්....
    අනික් පැත්ත දරුවන් දෙමාපියන් බලෙන් තනිකර දමා යන අවස්ථාව තියෙනව.
    ස්තිතියි ඔබට අදහස් ඉදිරිපත් කලාට

    ReplyDelete