Sunday, January 24, 2016

වඩිනු මැන බුදු සමිඳුනේ




භවේ පාරමි දම් පුරා
සසර බැමි සිඳ බිඳ දමා
දම් අමා පැන් ලොව ඉසින්නට
ජනිත වූ බුදු සමිඳුනේ

කෙලෙස් බැම්මෙන් එතෙර කරනට
කුසල් සිත් තුළ වඩාලන්නට
ලොව අමා සිසිලස බෙදන්නට
හැකිද මගෙ බුදු සමිඳුනේ

සැප ම පසුපස නිතර දිවයන
මිනිස් සිත් දැහැමින් වෙළන්නට
දම් අමා මුනිපද දෙසන්නට
වේවි යළි බුදු සමිඳුනේ

අමිල බුදු ගුණ සිහිකරන්නට
සාදු නද ලොව පැතිර යන්නට
නිවන් මඟ යළි කියා දෙන්නට
වඩිනු මැන බුදු සමිඳුනේ



No comments:

Post a Comment