Friday, January 22, 2016

”සෙනේහයේ මතකය”

සිතට හොරා ඔබ ඇවිදින්
ඉඟි කරනා ඇසිල්ලේ
අතීතයට සිත යනවා
මටත් හොරා නිදැල්ලේ

කඳුළු බිංදුවක් ඇවිදින්
නෙතු අග හුදෙකලාවේ
මා හදවත පාරනවා
නෙතු පියනා ඇසිල්ලේ

අපට අප අයිති නොවනා
ලෝකෙක හුදෙකලාවේ
හදවත සිර කර ඉන්නම්
මතකය නුඹෙ සෙනේහේ

No comments:

Post a Comment