Wednesday, January 6, 2016

මගෙ හිතට බරක් නැත





අද උඹට මහන්සිද
වතුර පොදකුත් දේද
හිතේ බර මට දියන්
ආදරෙන් කියනවද
කොහේවත් නුඹ නොයන්
මගෙ හිතට බරක් නැත

හැම ආත්මෙ ම ඉමුද
මේ ටිකත් දුර වැඩිද
මමයි නුඹ – නුඹයි මම
වෙන දිනය ළඟක නම්
මගේ ළඟ නුඹ හිඳින්
මගෙ හිතට බරක් නැත

අහස වැටුණා වගේ
මහ බරක් මගේ හිසට
කණට ගැහුවා වගේ
නුඹේ වදන් අතුල් සැර
නුඹ කොහේ ගියත්
මගෙ හිතට බරක් නැත



1 comment: