Saturday, January 16, 2016

පැරදුම




අප හමු වූ තැන්වල සිට
හිරිහැර කරනා මතකය
වසාලන්න තැනුණ පවුර
මගේ නෙතේ දුක් කඳුළද?

අප නිතරම හමු වූ තැන
නොමියෙන සුවඳේ මතකය
නසාලන්න සැදුණ සුළඟ
මගේ හදේ දුක් සුසුම ද?

නුඹ තෙපලූ මුදු වදනක
රාවය නැත තනි රකිනට
මග බලමින් සිටි හදකට
පාර වැරදුණේ කෙලෙසද?



No comments:

Post a Comment