අද නොවේ හෙට කියා දොරේ ලියලා තැබූ
බාලගිරි දොස ඇතේ ඉවර වී කල් පැමිණ
හද කවුළු දොරමතින් ලියන්නට සිදු ව ඇත
අද නොවේ හෙට කියා බලාපොරොත්තුව...
තාන් රෙදි සුවඳකින් අලුත් වූ යෞවනය
කල් පිරුණ කෙස් ගසින් ජීවිතේ ගැන කියයි
මුතු පබළු ඇහැ කඳුළු මාලයක් වී කරට
ජීවිතේ හෙට දිනට අලුත් පැතුමක් පූරයි...
අවාරේ මල් පිපුණ ඇහැළ ගහ ඉකිබිඳින
අහස යට හිනැහෙනවා ඔච්චමින් මල් කිණිති
පමාවී මඟ වැරදි ආ සමනල රංචුවකගේ
ස්වයං වරයයි පෙති සිඳුන මල් කුමරිට...
ඇසෙන් ඇසට හිතෙන් හිතට පැතුමන් පිරුවයි
ලතා මඩුලු යටදවසක සිනාව බිඳුණයි
මාල පබළු කරෙන් වැටි දෙපතුල සිම්බයි
ඇදවුණු හෙවණැල්ල ළඟදි දීගය ඇරුණයි..
බාලගිරි දොස ඇතේ ඉවර වී කල් පැමිණ
හද කවුළු දොරමතින් ලියන්නට සිදු ව ඇත
අද නොවේ හෙට කියා බලාපොරොත්තුව...
තාන් රෙදි සුවඳකින් අලුත් වූ යෞවනය
කල් පිරුණ කෙස් ගසින් ජීවිතේ ගැන කියයි
මුතු පබළු ඇහැ කඳුළු මාලයක් වී කරට
ජීවිතේ හෙට දිනට අලුත් පැතුමක් පූරයි...
අවාරේ මල් පිපුණ ඇහැළ ගහ ඉකිබිඳින
අහස යට හිනැහෙනවා ඔච්චමින් මල් කිණිති
පමාවී මඟ වැරදි ආ සමනල රංචුවකගේ
ස්වයං වරයයි පෙති සිඳුන මල් කුමරිට...
ඇසෙන් ඇසට හිතෙන් හිතට පැතුමන් පිරුවයි
ලතා මඩුලු යටදවසක සිනාව බිඳුණයි
මාල පබළු කරෙන් වැටි දෙපතුල සිම්බයි
ඇදවුණු හෙවණැල්ල ළඟදි දීගය ඇරුණයි..
හෙවණැල්ලත් අැදලු නේද???????????
ReplyDeleteඑකනෙ කුරුටු.
ReplyDeleteදීගෙක යන්න මට දෙන්නෙම නෑනෙ...
just u wait rabbit....nice
ReplyDeleteThanks lalith,
ReplyDeleteHa.ha.will see who catches me .....need soon.....