Friday, January 1, 2016

නව අවුරුදු පැතුම





සඳ නොපෑයූ
අමාවක අහසේ
දහස් ගණනින්
පෑව්වත් තරු,
ඔබ ලෙසේ
ආලෝකෙ දිය හැකි
සිකුරු තරුවක්
නොමැත අහසට

නිවී දැල්වෙන

වෙනස්වන තරු
දකින මා නෙතු
ලබන වියරුව,
නොනිමි බබළන
තාරකාවක
එපා නිවී එය
මට දනවන්නට


ඔබෙත්, මාගෙත්
දුරස් බව බිඳ
පුංචි තරු කැට
එකතු කරගෙන,
අලුත් තුරු වැල්
රටාවක් වෙමු
මගේ සෙවණේ
දිලිසි, දිලිසී




3 comments:

  1. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා සියලුම බ්ලොග් සහොදර,සහොදරියන්ට

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා බ්ලොග් සහෝදර සහෝදරියන් හැමෝටම.

    ReplyDelete