Tuesday, December 15, 2015

රාධා නංගී


රන් දහඩිය සුවඳ පෙරා
තේ දළු සුවඳින් කලතා
ලක් මෑණිට ඉසුරු සදන
රාධා නංගී...


පාට පාට ගිගිරි වළලු
කඩිසර දෑතේ තාලෙට
නංවන කිංකිණි රාවය
දේසේ අභිමන කියයි


අඩවන් වූ නීල නුවන්
මටත් හොරෙන් ම දෙස බලන්
පානා ඉඟි බිඟි රහසේ
දැක හිනැහෙයි බිඟු අහසේ


සීතල පිනි පොද වැස්සට
තෙමුණට නළලේ තිලකය
බුලත් විටේ රතු පැහැයෙන්
පොපියයි රහසක් දෙතොල්


රවිගේ රුදු බැල්ම කපා
ලියලන මකුලත අතු අග
දම් පාටින් මල් පිපිලා
ඉගිළෙනු සුදු පරෙයියනේ..

.

2 comments: