Sunday, November 29, 2015

මගේ සුසුම



දෙනෙත තැවරුණ විඩා සිඳිනට
පුංචි සුසුමක් මගෙන් නුඹහට
ළඟට වී අතැඟිලි සිඹින්නට
ඉඩක් නැති දින සුසුම ගනු මැන

නේක හැඩ ඇති සුසුම් ළඟ ඇත
ලෝකයෙන් නිති මුවා කළ හැකි
නුඹ නමින් ඇති සුසුම් පමණක්
රහසේම සිත දෙකඩ කරවන

ජීවිතේ බර දරා වෙහෙසව
සිත් සතන් හිරිවැටුණ මොහොතක
දුරක සිට මා එවන සුසුමක්
නුඹට නිතරම තනි රකිනු ඇත

2 comments:

  1. එතකොට ඔය සුසුම ඊමේල් කරලද යවන්නේ ?

    ReplyDelete
  2. හ...හ...inbox එකේ පිරිල
    චැට් බොක්ස් මැලේ රාලෙ

    ඉස්සරනම් පරෙයියෙක් අතේ යැව්ව.
    දැන් දැන් මොඩ් වෙලා ස්මාර්ට් වෙලානෙ
    .ඒත් රිප්ලයි පරක්කුයි..

    ReplyDelete